ඇල්ෆා බීටාගෙන් එහා ලෝකයක් ගැන ලියන්න මුලිකම කාරනාව නම් දැනට මම විදපු කම් කටොලු බාධක මධ්‍යයේ යම් තාක් දුරට සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාවක් ලැබුන නිසා කියල මුලින්ම කියන්න කැමති. එහෙනම් මෙන්න මෙහෙම කෙටියෙන් කියන්නම් කොහොමද ගැමා උනේ කියලා. මම
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන කෙනෙක්. මම විශ්වවිද්‍යාලයට ඇතුල් වුනේ අවම සුදුසුකම් සම්පුර්ණ කිරීමෙන්. ඇත්තම කියනවනම් විශ්වවිද්‍යාලයේ පදනම් පාඨමාලාව හැදෑරීමෙන් පසුව තමා මගේ
ගමනේ ආරම්භය සනිටුහන් උනේ. ඉතින් විශ්වවිද්‍යාල අපි කව්රුත් දන්නා කරුණක්
තමා ඇතුල් උන මුල් දවසෙම කෙරෙන කටයුත්තක් විදිහට අපිට තියෙන නම ගම වෙනස් වෙන
එක.ඔතනින් නම වෙනස් කරගෙන පටන්ගත්ත ගමන ආපසු හැරිලා බැලුවහම හිතෙනවා කොහොමද
මෙහෙම උනේ කියලා. ජිවිතේ ගොඩක් අත්දැකීම් වගේම සහෝදර සහෝදරියන් පිරිසකුත්
එකතු කරගන්න මට පුළුවන් උනා.
දැන් කියන්නම් මේකේ අතුරු මුහුණත පිළිබඳව. අතුරු මුහුණත නිර්මාණය කිරීමේදී මට කිහිපදෙනෙකුගේම උදව් වගේම යෝජනා අදහස්
ලැබුනා. මම ගොඩක් ස්වභාවධර්මයාට ඇළුම් කරන පුද්ගලයෙක් නිසා තමා බ්ලොගය
ඉදිරිපසට ගලා හැලෙන ජල පහරක් දන්නා ඕනි කියලා හිතුනේ. ඒ වගේම පින්තුරයේ
දකුණු පසින් ලෝක සිතියමක හැඩතලයක් ගැන. මේකෙන් මම අදහස් කරේ අනාගතේදී
ලෝකයෙන් ගහ කොළ සතා සිව්පාවන් තුරන් වෙන තැනකට පත් වී ඇති බව හැගී ගිය
නිසාය. මේ පින්තුර දෙක හොයාගත්තේ තැන දෙකකින්.මේ දෙක එකතු කරලා අමුණලා
දුන්නේ ෆොටෝෂොප් වලින්. නමුත් මට මේ දේ කරලා දුන්නේ මත එක්කම දැනට ඉගෙනීම
කරගෙන යන යෙහෙලියක්.
කොහොම නමුත් ඉදිරියටත් තවත් ලියන්න බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්.