මුලින්ම කිවිවා ඔන්න මම මාධ්‍යවේදියෙක්වත්, පැපරාසියෙක්වත් නෙවේ.
දැන් ඉතින් මේක කියවලා ඉවරවෙනකොට බහුතරයක් කියාවි " හා ඇත්තද දැන්ද දෙයියෝ
බුදුන් සිහි උනේ කියලා" එහෙම හිතුවට කමක් නෑ කියන්න නම් එපා යහළුවනේ...
පළවෙනි කතාව ලියද්දි මට අතපසු වීමක් සිදු උනා. ඒ තමයි අපේ මුර දේවතාවන් ගැන
සිහි කරන එක. අපේ රටටම සාමය උදා කර දුන් ත්‍රිවිධ හමුදාව වගේම රටේ නීතිය
හසුරුවන පොලිසිය ගැන සටහනක් තැබීම. එහෙනම් අතපසු වීමට තිතක් තියල අද අද
කතාව පටන්ගන්නම්කො..........
දෙවෙනි කතන්දරයට මම දාන්න බලාපොරොත්තු උනේ මේකේ නිර්මාණය එහෙමත් නැත්නම්
අතුරු මුහුණත ගැන විස්තරේ. නමුත් මීට දින කිහිපයකට පෙර මට විදින්න පුළුවන්
උන අත්දැකීමක් ඊට ඉස්සර උනා. කෙටියෙන්ම කියනවනම් වෙන්න ගිය හදිසි අනතුරක්
ගැනයි කියන්නේ. සිද්ධිය සිදු උනේ හරියටම ඉදුරුව දුම්රිය හරස් මාර්ගයට
ආසන්නයේදී,
දැන් හිතාගන්ට පුළුවන් නේද වෙච්ච දේ ගැන. නමුත් මට තවමත් හිතාගන්ට බැහැ
කොලොම්තොටේ ඉදන් මිද්දෙණියට ගිය බස් රථය පෙරලුනේ නැත්තේ මිනිස්සුන්ගේ
වාසනාවටද කියන එක......!!! 60 පැනලා ධාවනය වුන බස් රථය තත්පර 2,3 කදී
නැවතිලා එන්ජිමත් ක්‍රියාවිරහිත වෙලා ආසන්නයේ තිබුන ලයිට් කණුවකට හේත්තු
වුන හැටි මතක් වෙනකොට හිතුන දේ ගැන කියලා ඉවරයක් කරන්න නම් බැහැ.
කොහොම හරි ඕකයි මම මුලින්ම සදහන් කරේ Express වල අපිටත් බුදු සරණයි...!!!
No comments:
Post a Comment