මගේ බ්ලොගයේ සිවුවන කතාබහ විදිහට මෙහෙම ලියන්න ඕනි කියල හිතුනා. මේ ටිකේම
අලසකමින් ගෙදරට වෙලා ඉන්න තමා වෙලා තියෙන්නේ. මොකද කියලා අපේ විශ්වවිද්‍යාල
සහෝදර සහෝදරියන්ට නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැතුව ඇති නොවැ. කෙටියෙන්ම
කියනවනම් රටේ කොතනත් දැන් කතා බහ වෙන වර්ජනය තමා තමා මුලිකම හේතුව. ඉතින්
එහෙම අලසකමින් ඉන්න බැරි නිසාම හිතුව වෙනසකටත් එක්කලම ලියන්න පෑන ගන්න.
ලියන්න උනත් මේ දවස් වල උවමනාවක් තිබුනට විශ්වවිද්‍යාල වැඩ කටයුතු අඩපන
වීමත් සමග පෑන අතට ගන්න හිතුනෙම නැහැ. කොහොම නමුත් අද ලියන්න ප්‍රධානම
කාරණාව උනේ මම බොරැල්ල යටි බිම් හරස්මාර්ගයේදී අත් විදින්න සිදු උන
සිද්ධියක් ගැනයි.
අපි කවුරුත් දැන් මේ භුක්ති විදින නිදහස ආරම්භ වුනේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.
කන්නන්ගර කියන මහත්මයෙක් රටේ වාසනාවට පහළ වුන නිසාම කියල මුලින්ම මතක් කරලා
දෙන්න කැමති. නමුත් රටේ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවාසනාවකට මෙන් මේ
නිදහස් අධ්‍යාපනයට විවිධ හැල හැප්පිලි මධ්‍යයේ කඩා වැටීමකට පත් වී ඇති බව
අප කවුරුත් හොදින් දන්නා කාරණයක්. මේ අතරතුර විවිධ වර්ජන හමුවේ යළි නැගී
සිටින්නට වෙර දරන මේ නිදහස් අධ්‍යාපනයට රුකුලක් වෙන්න අපේ විශ්වවිද්‍යාල
ආචාර්ය මහාචාර්ය වරුන් වැඩ වර්ජනයක නියැලී සිටින බව කවුරුත් දන්නා කරුණක්.
මේ වැඩ දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන අපිට නම් කන කොකා හඩුවා වගේ තමා.
එහෙම කියල ඉතින් දැනට නම් අපිට කල හැකි දෙයක් නැති තරම්.
කෙසේ නමුත් මට බොරැල්ල මන්සන්දියේදී මුණ ගැසුණු උදවිය කියන විදිහට නම්
වර්ජනයේ අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියල තමා මට නම් හිතුනේ. වර්ජනය
ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් පිලිබදව යොමු කර තිබුන අයුරක් පෙනී ගියා.
(1) රාජ්‍ය වැය කිරීම් අඩු වේ.
(2) ඒ අතර අධ්‍යාපනය ආයතන හා අධ්‍යාපනය වෙත ඇගිලි ගැසීම් වැඩි වේ.
යන ප්‍රධාන මාතෘකා ඔස්සේ මේ වර්ජනය දියත් කෙරෙනු ලැබේ. දැනට ඉතාමත් අඩු
මට්ටමේ පවතින රාජ්‍ය වැය කිරීම් 6%ක් දක්වා වැඩි කර ගැනීම මේ යටතේ ඔවුන්
බලාපොරොත්තු වෙනවා. මේ කාරුණ පිලිබදව කතා කිරීමේදී අපි කවුරුත් දන්නා
කරුණක් නම් රටක අධ්‍යාපනයට මුලිකත්වය ලබාදිය යුතුයි. මක්නිසාදයත් රටේ
අනාගතයට නැණවත් පිරිසක් බිහිවනුයේ මනා අධ්‍යාපන ක්‍රමයක් යටතේ පමණක් වීමයි.
උදාහරණයක් ලෙස අවුරුදු 13කට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව
උසස්පෙළ සමත්වීමෙන් පසු විශ්විද්‍යාලයට ඇතුලත් වන්නේ ඉමහත් බලාපොරොත්තු
රාශියක් සමගයි. එසේ ඇතුලත් වීමෙන් පසු කවදා හෝ විශ්වවිද්‍යාලයෙන් උපාධිය
ලබා ගන්නා තෙක් ඔහු හෝ ඇයට රට වෙනුවෙන් ඵලදායි මෙහෙයක් ඉටු කිරීමේ
හැකියාවක් නොමැති බව ඔබ කව්රුත් දන්නා කරුණකි. නමුත් විශ්වවිද්‍යාල
අකර්මන්‍ය වීම රටේ අනාගතය අදුරු වීමක් ලෙස පෙන්වා දිය හැක.
දෙවැනි කරුණ පිලිබදව නම් අත්දැකීමෙන් කිව හැකි කරුණක් නම් දැනට ස්ථාපිත කරන ලද විවිධ පෞද්ගලික
ආයතන හේතු කොට ගෙන රාජ්‍ය විශ්වවිද්‍යාල යම්තාක් දුරට කඩා වැටීමකට පත් වී
ඇති බව නම් නොරහසකි. මෙම ආයතන ඉදි වීම හෝ නොවීම ගැන තර්ක විතර්ක කෙසේ වෙතත්
රජය විසින් දැනට පවතින විශ්වවිද්‍යාල ගැන මීට වඩා මුලිකත්වයක් ලබා දිය
යුතු බවයි මාගේ නම් අදහස. කෙසේ හෝ අනාගත සිසු පරපුරක් උදෙසා කෙරෙන වර්ජනය
දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන අපිට නම් මාරු පහරක් ලෙසයි පෙනී යන්නේ.
අවසානයේදී ඇති ප්‍රධානම ප්‍රශ්නාර්ථය නම් දැනට විශ්වවිද්‍යාල සිසුන් වන
අපගේ අනාගතය පිළිබද වගකීම කව්රුන් විසින් බාරගන්නේද...........!!!
මගේ අතට පත් වුන අත් පත්‍රිකාව පහතින් දැක්වේ.
No comments:
Post a Comment