මගේ බ්ලොගයේ සිවුවන කතාබහ විදිහට මෙහෙම ලියන්න ඕනි කියල හිතුනා. මේ ටිකේම
අලසකමින් ගෙදරට වෙලා ඉන්න තමා වෙලා තියෙන්නේ. මොකද කියලා අපේ විශ්වවිද්‍යාල
සහෝදර සහෝදරියන්ට නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැතුව ඇති නොවැ. කෙටියෙන්ම
කියනවනම් රටේ කොතනත් දැන් කතා බහ වෙන වර්ජනය තමා තමා මුලිකම හේතුව. ඉතින්
එහෙම අලසකමින් ඉන්න බැරි නිසාම හිතුව වෙනසකටත් එක්කලම ලියන්න පෑන ගන්න.
ලියන්න උනත් මේ දවස් වල උවමනාවක් තිබුනට විශ්වවිද්‍යාල වැඩ කටයුතු අඩපන
වීමත් සමග පෑන අතට ගන්න හිතුනෙම නැහැ. කොහොම නමුත් අද ලියන්න ප්‍රධානම
කාරණාව උනේ මම බොරැල්ල යටි බිම් හරස්මාර්ගයේදී අත් විදින්න සිදු උන
සිද්ධියක් ගැනයි.
අපි කවුරුත් දැන් මේ භුක්ති විදින නිදහස ආරම්භ වුනේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.
කන්නන්ගර කියන මහත්මයෙක් රටේ වාසනාවට පහළ වුන නිසාම කියල මුලින්ම මතක් කරලා
දෙන්න කැමති. නමුත් රටේ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවාසනාවකට මෙන් මේ
නිදහස් අධ්‍යාපනයට විවිධ හැල හැප්පිලි මධ්‍යයේ කඩා වැටීමකට පත් වී ඇති බව
අප කවුරුත් හොදින් දන්නා කාරණයක්. මේ අතරතුර විවිධ වර්ජන හමුවේ යළි නැගී
සිටින්නට වෙර දරන මේ නිදහස් අධ්‍යාපනයට රුකුලක් වෙන්න අපේ විශ්වවිද්‍යාල
ආචාර්ය මහාචාර්ය වරුන් වැඩ වර්ජනයක නියැලී සිටින බව කවුරුත් දන්නා කරුණක්.
මේ වැඩ දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන අපිට නම් කන කොකා හඩුවා වගේ තමා.
එහෙම කියල ඉතින් දැනට නම් අපිට කල හැකි දෙයක් නැති තරම්.
කෙසේ නමුත් මට බොරැල්ල මන්සන්දියේදී මුණ ගැසුණු උදවිය කියන විදිහට නම්
වර්ජනයේ අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියල තමා මට නම් හිතුනේ. වර්ජනය
ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් පිලිබදව යොමු කර තිබුන අයුරක් පෙනී ගියා.
(1) රාජ්‍ය වැය කිරීම් අඩු වේ.
(2) ඒ අතර අධ්‍යාපනය ආයතන හා අධ්‍යාපනය වෙත ඇගිලි ගැසීම් වැඩි වේ.
යන ප්‍රධාන මාතෘකා ඔස්සේ මේ වර්ජනය දියත් කෙරෙනු ලැබේ. දැනට ඉතාමත් අඩු
මට්ටමේ පවතින රාජ්‍ය වැය කිරීම් 6%ක් දක්වා වැඩි කර ගැනීම මේ යටතේ ඔවුන්
බලාපොරොත්තු වෙනවා. මේ කාරුණ පිලිබදව කතා කිරීමේදී අපි කවුරුත් දන්නා
කරුණක් නම් රටක අධ්‍යාපනයට මුලිකත්වය ලබාදිය යුතුයි. මක්නිසාදයත් රටේ
අනාගතයට නැණවත් පිරිසක් බිහිවනුයේ මනා අධ්‍යාපන ක්‍රමයක් යටතේ පමණක් වීමයි.
උදාහරණයක් ලෙස අවුරුදු 13කට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව
උසස්පෙළ සමත්වීමෙන් පසු විශ්විද්‍යාලයට ඇතුලත් වන්නේ ඉමහත් බලාපොරොත්තු
රාශියක් සමගයි. එසේ ඇතුලත් වීමෙන් පසු කවදා හෝ විශ්වවිද්‍යාලයෙන් උපාධිය
ලබා ගන්නා තෙක් ඔහු හෝ ඇයට රට වෙනුවෙන් ඵලදායි මෙහෙයක් ඉටු කිරීමේ
හැකියාවක් නොමැති බව ඔබ කව්රුත් දන්නා කරුණකි. නමුත් විශ්වවිද්‍යාල
අකර්මන්‍ය වීම රටේ අනාගතය අදුරු වීමක් ලෙස පෙන්වා දිය හැක.
දෙවැනි කරුණ පිලිබදව නම් අත්දැකීමෙන් කිව හැකි කරුණක් නම් දැනට ස්ථාපිත කරන ලද විවිධ පෞද්ගලික
ආයතන හේතු කොට ගෙන රාජ්‍ය විශ්වවිද්‍යාල යම්තාක් දුරට කඩා වැටීමකට පත් වී
ඇති බව නම් නොරහසකි. මෙම ආයතන ඉදි වීම හෝ නොවීම ගැන තර්ක විතර්ක කෙසේ වෙතත්
රජය විසින් දැනට පවතින විශ්වවිද්‍යාල ගැන මීට වඩා මුලිකත්වයක් ලබා දිය
යුතු බවයි මාගේ නම් අදහස. කෙසේ හෝ අනාගත සිසු පරපුරක් උදෙසා කෙරෙන වර්ජනය
දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන අපිට නම් මාරු පහරක් ලෙසයි පෙනී යන්නේ.
අවසානයේදී ඇති ප්‍රධානම ප්‍රශ්නාර්ථය නම් දැනට විශ්වවිද්‍යාල සිසුන් වන
අපගේ අනාගතය පිළිබද වගකීම කව්රුන් විසින් බාරගන්නේද...........!!!
මගේ අතට පත් වුන අත් පත්‍රිකාව පහතින් දැක්වේ.
Friday, July 20, 2012
Thursday, June 21, 2012
ගැමාට නම වැටුන හැටි කියවල බලන්නකෝ
තුන්වන කතාන්දරය මට මෙන්න මෙහෙම පටන්ගන්න ඕන කියල හිතුනා. මම දෙවෙනි කතාවෙදි කිව්වා බ්ලොගය හැදුනු හැටි වගේම අතුරු මුහුණත පිළිබඳව සදහන් කරන බව. බ්ලොගය ලියන්න ගත්ත ප්‍රධාන හේතු වලින් එකක් නම් වටේ ඉන්න
මිතුරු,මිතුරියන් මාව උනන්දු කරා මේ වගේ වැඩක් පටන්ගන්න කියල. ඔන්න එහෙනම්
මම අද ලියන්න තියෙන කතාව ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. ඒ තමා බ්ලොගයක්
ලියන්න ගත්ත හේතු කාරණා වගේම අතුරු මුහුණත නිර්මාණය කිරීම පිළිබදව සටහනක්
තැබීම.
ඇල්ෆා බීටාගෙන් එහා ලෝකයක් ගැන ලියන්න මුලිකම කාරනාව නම් දැනට මම විදපු කම් කටොලු බාධක මධ්‍යයේ යම් තාක් දුරට සාර්ථකත්වයක් ලබා ගන්න හැකියාවක් ලැබුන නිසා කියල මුලින්ම කියන්න කැමති. එහෙනම් මෙන්න මෙහෙම කෙටියෙන් කියන්නම් කොහොමද ගැමා උනේ කියලා. මම

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන කෙනෙක්. මම විශ්වවිද්‍යාලයට ඇතුල් වුනේ අවම සුදුසුකම් සම්පුර්ණ කිරීමෙන්. ඇත්තම කියනවනම් විශ්වවිද්‍යාලයේ පදනම් පාඨමාලාව හැදෑරීමෙන් පසුව තමා මගේ
ගමනේ ආරම්භය සනිටුහන් උනේ. ඉතින් විශ්වවිද්‍යාල අපි කව්රුත් දන්නා කරුණක්
තමා ඇතුල් උන මුල් දවසෙම කෙරෙන කටයුත්තක් විදිහට අපිට තියෙන නම ගම වෙනස් වෙන
එක.ඔතනින් නම වෙනස් කරගෙන පටන්ගත්ත ගමන ආපසු හැරිලා බැලුවහම හිතෙනවා කොහොමද
මෙහෙම උනේ කියලා. ජිවිතේ ගොඩක් අත්දැකීම් වගේම සහෝදර සහෝදරියන් පිරිසකුත්
එකතු කරගන්න මට පුළුවන් උනා.
දැන් කියන්නම් මේකේ අතුරු මුහුණත පිළිබඳව. අතුරු මුහුණත නිර්මාණය කිරීමේදී මට කිහිපදෙනෙකුගේම උදව් වගේම යෝජනා අදහස්
ලැබුනා. මම ගොඩක් ස්වභාවධර්මයාට ඇළුම් කරන පුද්ගලයෙක් නිසා තමා බ්ලොගය
ඉදිරිපසට ගලා හැලෙන ජල පහරක් දන්නා ඕනි කියලා හිතුනේ. ඒ වගේම පින්තුරයේ
දකුණු පසින් ලෝක සිතියමක හැඩතලයක් ගැන. මේකෙන් මම අදහස් කරේ අනාගතේදී
ලෝකයෙන් ගහ කොළ සතා සිව්පාවන් තුරන් වෙන තැනකට පත් වී ඇති බව හැගී ගිය
නිසාය. මේ පින්තුර දෙක හොයාගත්තේ තැන දෙකකින්.මේ දෙක එකතු කරලා අමුණලා
දුන්නේ ෆොටෝෂොප් වලින්. නමුත් මට මේ දේ කරලා දුන්නේ මත එක්කම දැනට ඉගෙනීම
කරගෙන යන යෙහෙලියක්.
කොහොම නමුත් ඉදිරියටත් තවත් ලියන්න බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්.
Thursday, June 7, 2012
රියදුරු දෑතට බුදු සරණයි...!!! දෙවි පිහිටයි..!!
මුලින්ම කිවිවා ඔන්න මම මාධ්‍යවේදියෙක්වත්, පැපරාසියෙක්වත් නෙවේ.
දැන් ඉතින් මේක කියවලා ඉවරවෙනකොට බහුතරයක් කියාවි " හා ඇත්තද දැන්ද දෙයියෝ
බුදුන් සිහි උනේ කියලා" එහෙම හිතුවට කමක් නෑ කියන්න නම් එපා යහළුවනේ...
පළවෙනි කතාව ලියද්දි මට අතපසු වීමක් සිදු උනා. ඒ තමයි අපේ මුර දේවතාවන් ගැන සිහි කරන එක. අපේ රටටම සාමය උදා කර දුන් ත්‍රිවිධ හමුදාව වගේම රටේ නීතිය හසුරුවන පොලිසිය ගැන සටහනක් තැබීම. එහෙනම් අතපසු වීමට තිතක් තියල අද අද කතාව පටන්ගන්නම්කො..........
දෙවෙනි කතන්දරයට මම දාන්න බලාපොරොත්තු උනේ මේකේ නිර්මාණය එහෙමත් නැත්නම් අතුරු මුහුණත ගැන විස්තරේ. නමුත් මීට දින කිහිපයකට පෙර මට විදින්න පුළුවන් උන අත්දැකීමක් ඊට ඉස්සර උනා. කෙටියෙන්ම කියනවනම් වෙන්න ගිය හදිසි අනතුරක් ගැනයි කියන්නේ. සිද්ධිය සිදු උනේ හරියටම ඉදුරුව දුම්රිය හරස් මාර්ගයට ආසන්නයේදී,
දැන් හිතාගන්ට පුළුවන් නේද වෙච්ච දේ ගැන. නමුත් මට තවමත් හිතාගන්ට බැහැ කොලොම්තොටේ ඉදන් මිද්දෙණියට ගිය බස් රථය පෙරලුනේ නැත්තේ මිනිස්සුන්ගේ වාසනාවටද කියන එක......!!! 60 පැනලා ධාවනය වුන බස් රථය තත්පර 2,3 කදී නැවතිලා එන්ජිමත් ක්‍රියාවිරහිත වෙලා ආසන්නයේ තිබුන ලයිට් කණුවකට හේත්තු වුන හැටි මතක් වෙනකොට හිතුන දේ ගැන කියලා ඉවරයක් කරන්න නම් බැහැ.
කොහොම හරි ඕකයි මම මුලින්ම සදහන් කරේ Express වල අපිටත් බුදු සරණයි...!!!

Friday, June 1, 2012
මම ගැන නොකියම බැරි තැන ඔන්න විස්තර ටිකක්....
2011න් පටන්ගත්ත දින පොතක 2012ක් ගැන ලියන්න ගත්ත මම කව්ද....!!!!
මොකද්ද මේ විකාරේ කියල හිතුනද....?
එහෙම හිතුනනම් ලොකු දෙයක්. හිතුවක්කාරකමට ලියන්න නම් ගත්තට කොහෙන් පටන්අරගෙන කොහෙන් ඉවරයක් කරන්නද මේක....!!!
මගේ පම්පොරියෙන් ටිකක් විතරක් ලියන්නම් අදට. මොකද බ්ලොගය හදපු දවසෙම මේකට ලියන්න ඕන කියල මාව උනන්දු කර අයට මම මුලින්ම ස්තුති කරන්න ඕනනේ. ඉස්කෝලෙදි නම් මම හුගක් නිශ්ශබ්දයි ඒ මොකද කියල කෙනෙක් ඇහුවොත් මට කියන්න තියෙන එකම දේ තමා "ඒ මගේ හැටිනේ... " කියල. ඊලගට තවත් මම ගැන මොකට කතා කරනවද කියල හිතුන නිසා අදට නැවතුමට තිතක් තියන්න කියල හිතුන. ඒත් මගේ බ්ලොග් එක ඉදිරියටත් කියවන්න බලාපොරොත්තුවක් තියෙන අයට තවත් කියන්න දේවල් ලියන්න ඉතුරු කරලා මම නවතිනවා,
මම ධම්සොවෙන් 2007 දී එලියට ඇවිත් 2009 දී ගැමාට පණ පොවන ඩයන් බෝධික ජයසුරිය........

Subscribe to:
Posts (Atom)